ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට තායිලන්තයෙන් ජාත්‍යන්තර වේදිකාවක්: GEM SRI LANKA බැංකොක්හිදී එළිදකී

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සභාපති ආචාර්ය එස්.පී. චමෝදා මහතා, ඉරිදා (6) බැංකොක්හි පැවැත්වෙන GEM SRI LANKA ජාත්‍යන්තර එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා තායිලන්තයට පැමිණ තිබේ.

මෙම එළිදැක්වීම බැංකොක්හි Holiday Inn Bangkok Silom හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ප්‍රවර්ධනය කිරීම මෙන්ම ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර කර්මාන්ත හා ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *