සිය ගැටලු සම්බන්ධයෙන් නිශ්චිත විසඳුමක් ලැබෙනතුරු දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අද (21) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එහි නියෝජිතයන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා,
“ඕනෑම රෝහලක හදිසි අවස්ථාකව ඕනෑම වේලාවක අපේ වෛද්‍යවරු සියලුම ප්‍රතිකාර කරනවා. එතකොට මෙතෙනදි නවතින්නේ සාමාන්‍ය ප්‍රතිකාර සේවා විතරයි. ඒ සමගම විශේෂ රෝහල් අපි ගත්තොත් ළමා රෝහල පිළිකා රෝහල වගුගඩු රෝහල ඒ වාගේම ප්‍රසව හා නාරි රෝහල දැනට ක්‍රියාත්මක වෙනවා.”
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ, විධායක කමිටු සාමාජික, වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ
“මේ වෙනකොට කොවිඩ් විශේෂ ප්‍රතිකාර අංශ, වකුගඩු ඒකක සහ විශේෂ ප්‍රතිකාර ලැබිය යුතු රෝහල් කිහිපයක් මේ වෙනකොට වසා දමන්න සිද්ධවෙලා තියෙනවා. මේකෙන් හානියට පත්වෙන්නේ, මේ රටේ මහජනතාව ජීවිතවලට දැඩි අවධානමක් තිබෙන ස්ථාන පමණක් විවෘත කරලා තියෙනවා. ඒ හින්දා අපිට සිද්ධවෙලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේක යහ මඟට ගන්නට නම් වැඩ වර්ජනය දිගටයම කරගෙන යන්න. වැඩවර්ජනය නවත්නවාද නැද්ද කියන එක තීරණය කළ හැක්කේ අපට නෙමෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයට. සෞඛ්‍ය අමාත්‍යාංශය නම්යශීලිවෙන්නේ කවදාද එදා වෙනතුර වැඩවර්ජනය ක්‍රියාත්මයි.”