වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂවරයාගේ ඉවත් කිරීමේ නියෝගයට අභියාචනාධිකරණයෙන් අතුරු තහනමක්

වැල්ලවත්ත මුහුදු වෙරළේ පිහිටි අවන්හලක් ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කළ දැනුම්දීම ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය  අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

මෙම අතුරු තහනම් නියෝගය සැප්තැම්බර් 21 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර, ඒ අනුව අදාළ අවන්හල කඩා ඉවත් කරන ලෙස නිකුත් කර තිබූ නියෝගය තාවකාලිකව ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබේ.

අවන්හල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

අදාළ ඉවත් කිරීමේ දැනුම්දීමට එරෙහිව Beach Wadiya Pvt Ltd සමාගම විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති බව අවන්හල වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

වැල්ලවත්ත මුහුදු තීරයේ පිහිටි Beach Wadiya අවන්හල නීතිවිරෝධී ඉදිකිරීමක් නොවන බවට එම පෙත්සම මඟින් කරුණු ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කළ ඉවත් කිරීමේ දැනුම්දීම ක්‍රියාත්මක කිරීම වළක්වන අභියාචනාධිකරණයේ මෙම අතුරු තහනම් නියෝගය සැප්තැම්බර් 21 වැනිදා දක්වා දින 14ක කාලයක් බලපැවැත්වෙන බවද නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *