වෙරළ තීරයන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සුහුරු තාක්ෂණය ඔස්සේ භාවිතයට ගත හැකි ජංගම යෙදුම (Beach Cleanup Coordination APP) හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.
වෙරළ හා සාගර පරිසරයේ තිරසර සංවර්ධනය සඳහා මැදිහත් වන ආයතන හා සංවිධාන විධිමත්ව සම්බන්ධීකරණය කරමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මැදිහත්වීමෙන් මෙම ජංගම යෙදුම හඳුන්වා දීමට නියමිතය.
මේ පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ගංගා, ඇළ දොළ වලින් ගලා එන අපද්‍රව්‍ය හා දිගු මුදාහැරීමේ නළ මාර්ග ඔස්සේ මළ අපද්‍රව්‍ය හා ඉවතලන ජලය මුදාහැරීම මෙන්ම ධීවර වරායන් ආශ්‍රිතව ඉවතලන අපද්‍රව්‍ය හා වෙනත් සාගර ක්‍රියාකාරකම් මගින් වෙරළ හා සාගර සම්පත් දැඩි ලෙස අපවිත්‍ර වන බව මෙහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් පෙන්වා දුන් අතර විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වල මැදිහත්වීමෙන් කෙරෙන පවිත්‍රතා කටයුතු මනා ලෙස සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් මෙම ජංගම යෙදුම භාවිතයට ගැනීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.