වී තොග සඟවාගෙන සිටින පුද්ගලයින් සොයා වැටලීම් සිදු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කෘෂිකර්ම හා වෙළෙඳ ඇමැතිවරුන්ට උපදෙස් දී තිබේ. ඒ අනුව වී ගොවීන් හා සහල් මෝල් හිමියන් හැර වී තොග සඟවාගෙන සිටින අතරමැදියන් සොයා වැටලීම් සිදුකරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.
වී තොග සඟවාගෙන සිටින පුද්ගලයින් සොයා පාරිභෝගික අධිකාරිය මගින් වැටලීම් සිදු කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසා සිටින්නේ. මෙවර මහ කන්නයේ අපේක්‍ෂිත වී අස්වනු ප‍්‍රමාණය අනුව රටේ සහල් හිඟයක් ඇතිවිය නොහැකි බවයි ඇමැතිවරයා පවසන්නේ.