විරෝධතා කරුවන් ඉදිරියේ පොලීසියේ හැසිරීම කිසි සේත් අනුමත නොකරන බවට ඇමති නාමල්ගෙන් ප්‍රකාශයක්

විරෝධතාකරුවන් ඉදිරියේ පොලීසියේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද දිනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

වසංගතයක් තියෙන මොහොතක උද්ඝෝෂකයින් ද වගකීමෙන් හැසිරිය යුතු බව ද පැවසු අමාත්‍යවරයා, පොලීසියේ හැසිරීම පිළිබඳ තමා දිගින් දිගටම විවේචනය කළ බව ද සඳහන් කළේය.

“උද්ඝෝෂණ කිරීමට ජනතාවට අයිතියක් තියෙනවා. හැබැයි සෞඛ්‍ය පුරුදු මේ වෙලාවේ ලෝකයේ ම ගෝලීය වශයෙන් වසංගතයක් තියෙන වෙලාවක්. ඒ වෙලාවේ උද්ඝෝෂණකරුවනුත් වගකීමකින් හැසිරිය යුතුයි. ඒ වගේම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ නිකුත් කරලා තියෙන්නේ. අද ක්‍රීඩාවක් කරන්න දරුවෙක් එළියට එද්දි පොලීසියෙන් නවත්වනවා. ඇයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීලා තියෙන උපදෙස් මත කියලා. ඒ වගේම තමයි පහුගිය කාලයේ අපි දැක්කා සජිත් ප්‍රේමදාස මහතා උද්ඝෝෂණයක් කළා එතුමාට කොවිඩ් හැදුනා. තව කිහිපදෙනෙකුට හැදුනා. මෙවැනි අභියෝග තියෙනවා. එවැනි කාල සීමාවක සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකිරීම අනුමත කරන්නේ නෑ. කෙසේවෙතත් පොලීසිය ක්‍රියා කළ ආකාරය අනුමත කරන්නේත් නෑ.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *