විමල් නිවසේ සාකච්ඡාවක්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේ විශේෂ රැස්වීමක් පවත්වා තිබේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටි බව වාර්තා විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සෘජුව වගකිවයුතු බැවින් එහි සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවය.

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ පැවැති මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය පාර්ශ්වන්ගේ සම්පූර්ණ සහාය උදය ගම්මන්පිල මහතා වෙත හිමිවන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *