නේටෝ සමුළුව හෙට පැවැත්වෙයි

හෙට පැවැත්වෙන නේටෝ හෙවත් උතුරැ අත්ලන්තික් සමුලු සංවිධානයේ රාජ්‍ය නායක සමුලුවේදී චීනයේ නැගී එන බලය පිළිබද වැඩි අවධානයක් යොමු කිරීමය නියමිත බව වාර්තා වේ.

සමුලුව හෙට බෙල්ජියමේ බ්‍රස්ල්ස් නුවරදී නේටෝ රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

දෙවන ලෝක යුද්දයෙන් පසු 1949 දී ඇති කරගත් නේටෝ සංවිධානයේ ප්‍රධානතම අරමුණ වූයේ එවකට පැවති සමාජවාදී සෝවියට් දේශයේ බලයට පොදුවේ මුහුණදීමයි.

සෝවියට් දේශය බිද වැටීමෙන් පසුවද අඛණ්ඩව ක්‍රියාත්මක වූ නේටෝ සංවිධානය එහිදී රැසියාවේ බලවට මුහුණදීම ප්‍රධානතම අරමුණ බවට පත්කරගන්නා ලදී.

2019 දී ඔවුන් චීනවට මුහුණදීමද සංවිධානයේ අරමුණක් බවට නිල වශයෙන් පිළිගනු ලැබිණ.

පවතින ලෝක තත්වය යටතේ නේටෝ සංවිධානය චීනයේ බලයට මුහුණදීම සිය ප්‍රධාන අරමුණ සහ උපාය මාර්ගය බවට පත්කීරීමට සැරසෙන බවත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඒ සදහා මූලිකව සිටින බවත් සදහන් වේ.

ඒ අනුව හෙට පැවැත්වෙන නේටෝ රාජ්‍ය නායක  රැස්වීමේදී මේ පිළිබද විශේෂ තීරණ රැසකට එළඹිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *