විදෙස් ශ්‍රමික මරණයකදී දෙන වන්දිය වැඩි කරයි

විදේශ රැකියාවක නිරතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයකුට රැකියාව අතරතුරදී සිදුවන මරණයක් සඳහා දෙන රක්ෂණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා කීය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ බව කී සභාපතිවරයා විදේශ රැකියා වංචනිකයින්ට හසුවූවන්ට රුපියල් මිලියන 234ක මුදලක් යළි අයකරදීමට හැකිවූ බව සඳහන් කළේය.

මේ වන විට කාර්යාංශ පනත යාවත්කාලීන කිරීමටත් අවශ්‍ය පියවර ගනිමින් පවතින බවද සභාපතිවරයා කීය.

මේ වසරේ අගෝස්තු වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා තිබෙන බවද සභාපතිවරයා කීය.

ඔහු මේ බව කීවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *