විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 425 දෙනෙක් දිවයිනට පැමිණේ

කොවිඩ් ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිරවී සිටි ශී‍්‍ර ලාංකිකයින් 425 දෙනෙකු අද (05) කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ. මෙම පිරිස මාලදිවයින, බහරේන් සහ කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ තිබේ.

ඒ අතර මාලදිවයිනේ රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයන් 120 ක්, බහරේන් රාජ්‍යයේ රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයන් 290 දෙනෙක්, කටාර් රාජ්‍යයේ සිටි ශී‍්‍ර ලාංකිකයින් 15 ක්ද වේ.

මෙම සියලූ මගීන් PCR පරීක්ෂණවලට ලක් කර නිරෝධායනය සඳහා යොමු කළ බවයි ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *