කුසල්

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගමන්ගත් මෝටර් රථයේ පුද්ගලයෙකු ගැටී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අද උදෑසන 5ට පමණ පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවු අතර අනතුර සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මොරටුවේ සිට පානදුර දක්වා යමින් සිටියදී හොරෙයිතුඩුව 13 කණුව අසල දී මෙම අනතුර සිදුව ඇත.

එහිදී පා පැදියක ගමන්ගත් 64 හැවිරිදි ගොරකාපොල පදිංචි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට පානදුර රෝහලේ තැන්පත් කර ඇති අතර කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවේ පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *