විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන මුදල් අඩුවෙයි

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඑන ප්‍රධානතම මූලාශ්‍රයක් ලෙස විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ සඳහන් කළ හැකිය.

නමුත් මෑත කාලයේදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ පහළ යන බව පෙනීයයි.

2021 නොවැම්බර් මාසයේ දීද එය තවදුරටත් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2021 නොවැම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 271.4කි.

මෙය පසුගිය 2020 වසරේ නොවැම්බර් මාසයේ දී ලද ප්‍රේෂණවල වටිනාකම වූ ‌ඩොලර් මිලියන 611.7 හා සැසඳීමේ දී 55.6%ක පහළ යෑමකි.

මේ අතර 2021 වසරේ මුල් මාස 11 තුළදී ලැබී ඇති ප්‍රේෂණවල සමස්ත වටිනාකම ඩොලර් මිලියන 5,166.3ක් වන අතර එය 2020 වසරේ පළමු මාස 11 අදාළ වටිනාකම වූ ඩොලර් මිලියන 6,291.2 හා සැසඳීමේදී 17.9%ක අඩුවීමකි.

2021 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය ඩොලර් මිලියන 317.4ක් වූ අතර එය 2020 ඔක්තෝබර් මාසයේ අගය වූ ඩොලර් මිලියන 630.7ට වඩා 49.6%ක අඩුවීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *