Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

වැල්ලවාය ඩිපෝවේ ලංගම බස් රථයක් පැහැරගෙන ගොස් මග දමා ගිහින්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ රාත්‍රී නවතා තිබූ වැල්ලවාය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් කිසිවෙකු විසින් පැහැර ගෙන ගොස් දියතලාව  වැලිහෙලගම  ප්‍රදේශයේ දමා ගොස් තිබියදී අද 25 උදෑසන හමු වූ බව බණ්ඩාරවෙල පොලිසිය පැවසීය.

පැහැරගෙන ගොස් ඇත්තේ වැල්ලවාය ඩිපෝවට අයත් මාතර බණ්ඩාරවෙල ධාවනය වන බස්  රථයක් බව ද පොලිසිය පැවසීය.

මාතර සිට බණ්ඩාරවෙල ට පැමිණ බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම් පලේ සුපුරුදු ලෙස රාත්‍රියේ ගාල් කර මාතර  දක්වා ගමන් ඇරඹීමට අද අලුයම 6.45 ට රියදුරු පැමිණ බස් රථය සෙවීමේදී බස්  රථය නොමැති වූ විට ඒ බව පොලිසියට පැමිණිලි කර තිබේ.

පසුව බස් රථය දියතලාව වැලිහෙලගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය බස් රථය සොයාගෙන තිබේ.

බස් රථය පැහැරගෙන ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව සෙවීමට බණ්ඩාරවෙල පොලිසිය  විමර්ශන ආරම්භ කර තිබේ.

ඔබේ අදහස