Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ලෝක මේසපන්දු පිටියේ ලාංකික කුඩා තරුවගෙන් ද්විත්ව රන් වික්‍රමයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මොන්ටිනිග්‍රෝ රාජ්‍යයේ පොඩ්ගොරිකා (Podgorica) නුවරදී පැවති ‘WTT යොවුන් කන්ටෙන්ඩර් 2026’ (WTT Youth Contender Montenegro 2026) ජාත්‍යන්තර මේසපන්දු තරගාවලියේදී රන් පදක්කම් දෙකක් (02) දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නැගී එන දක්ෂ මේසපන්දු ක්‍රීඩක ටාවි සමරවීර (Taavi Samaraweera) සමත්ව තිබේ.

පසුගිය නොවැම්බර් 03 සිට 06 දක්වා පැවති මෙම තරගාවලියේදී වයස අවුරුදු 11න් පහළ සහ 13න් පහළ පිරිමි කේවල ශූරතා ද්විත්වයම තමන් සතු කරගැනීමට මෙම දක්ෂ ක්‍රීඩකයා සමත් විය.

ඒ අනුව, ජාත්‍යන්තර WTT යොවුන් කන්ටෙන්ඩර් තරගාවලියකදී එකවර රන් පදක්කම් දෙකක් දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකික මේසපන්දු ක්‍රීඩකයා ලෙස ඔහු ඓතිහාසික වාර්තාවක්ද පිහිටුවීය.

අවසන් මහා තරග ජයග්‍රහණ

වයස අවුරුදු 11න් පහළ පිරිමි කේවල අවසන් මහා තරගයේදී සිංගප්පූරුවේ ෂෑං බෝයැන්ග් (Zhang Boyang) තරග වට 3-0ක් ලෙස පහසුවෙන් පරාජය කළ ටාවි, තරගාවලියේ සිය පළමු රන් පදක්කම දිනාගත්තේය.

අනතුරුව වයස අවුරුදු 13න් පහළ කාණ්ඩය යටතේ තමන්ට වඩා වයසින් වැඩි ප්‍රබල ක්‍රීඩකයින් සමඟ තරග වැදුණු ඔහු, එහි අවසන් මහා තරගයේදී මොන්ටිනිග්‍රෝවේ මිලාන් වුචෙටික් (Milan Vučetić) තරග වට 3-1ක් ලෙස පරාජයට පත්කරමින් සිය දෙවැනි රන් පදක්කමද දිනාගැනීමට සමත් විය. මෙම ශූරතාව කරා යන ගමනේදී සිංගප්පූරුව, කසකස්තානය සහ ස්ලෝවැකියාව යන රටවල ප්‍රබල යොවුන් ක්‍රීඩකයින් පරාජය කිරීමටද ඔහු සමත් විය.

ඔබේ අදහස