වසර 13ට පසු ශ්‍රී ලංකා පිතිකරුවෙක්ගෙන් T20 ශතකයක්

වසර 13ට පසුව ශ්‍රී ලංකා පිතිකරුවෙකු විස්සයි 20 ක්‍රිකට් ශතකයක් වාර්තා කිරීමට අද(02දා) සමත් විය.

ඒ අනුව දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත තෙවන විස්සයි 20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා එම දක්ෂතාවය දැක්වීමට සමත් විය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 218ක් රැස් කළේය.

එහිදී කුසල් ජනිත් පෙරේරා 101(46​) සහ නායක චරිත් අසලංක 46(24) රැස් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *