වසන්ත- ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ හමු වෙයි

ලෝක වෙළඳ සංවිධානයේ (WTO) හි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය න්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා(Ngozi Okonjo-Iweala) මහත්මිය සහ වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර හමුවක් ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී සිදු විය.

ශ්‍රී ලංකාව විසින් මෑතකදී ගනු ලැබූ ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ඇති අභියෝග පිළිබඳව අමාත්‍යවරයා  අධ්‍යක්ෂ ජනරාල්වරියට පැහැදිලි කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් ලෝක වෙළෙඳ සංවිධානයේ  අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව සහ අභියෝග වලට මුහුණ දීම සඳහා වත්මන් රජයේ උත්සාහයන්ට උචිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් අවශ්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *