කරාපිටිය රෝහලේ ගිලන් රථ හයක් ලෙඩ වෙලා

කරාපිටිය රෝහලේ  ගිලන් රථ 11න් වැඩ කරන තත්ත්වයේ තිබෙන්නේ පහක් පමණක් බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

අතීතයේ සිටම වෙදකමට හෙද කමට ලංකාව නමක් දිනා සිටියා.කඩා වැටුණු අපේ සෞඛ්‍ය සේවය හිඟන්නාගේ තුවාලේ වගේ සම්පූර්ණයෙන්ම සුවය ලබා නැහැ. රෝහල් වල අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ වල දැඩි හිඟයක් තිබෙනවා. ඖෂධ කාණ්ඩ සීයක පමණ හිඟයක් තිබෙන බව ආරංචියි.රෝග හඳුනා ගැනීමට භාවිතා කරන බොහෝ උපකරණ අක්‍රීය වී තිබෙනවා.කොළඹ ජාතික රෝහලේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර තුනක් අක්‍රීය වී තිබෙනවා.තුවාල මහන්න ගන්න නයිලෝන් වල හිඟයක් තියෙනවා.හෘද  සැත්කම් සඳහා සී.ටී සහ එම්.ආර්.අයි පරීක්ෂණ කරන්න විශාල පොරොත්තු ලේඛනයක් තියෙනවා. කරාපිටිය රෝහලේ පිළිකා ඖෂධ වල දැඩි හිඟයක් තියෙනවා. කරාපිටියේ දන්ත එක්ස් කිරණ පරීක්ෂණ ලබා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා යනුවෙන්ද ගයන්ත කරුණාතිලක මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *