වන අලි 400 මේ වසරේ මිය ගිහිල්ලා – වනජීවී දෙපාර්තමේන්තුව

මේ වසරේ වල් අලි 400ක් පමණ මිය ගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

වන අලි මරණවලින් 200 කට ආසන්න සංඛ්‍යාවක් අලි ඇතුන් සහ මිනිසුන් අතර ගැටුම්වල ප්‍රතිඵලයක් බව ඔවුහු පැවසූහ.

වෙඩි තැබීම් සහ මාර්ග අනතුරු හේතුවෙන් වනඅලි රැසක් මිය ගොස් තිබෙනවා.

මේ අතර විවිධ රෝගාබාධ හේතුවෙන් වන අලි මිය ගිය බවට ද වාර්තා වේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ මෙරට අලි ඇතුන් 6000ක් පමණ සිටින බවයි.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වාසස්ථාන අහිමිවීම හේතුවෙන් වන අලි ප්‍රහාරවල වැඩිවීමක් දක්නට ලැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *