ලෝක ළමා දිනය සමරන්න සතියක්

ඔක්තෝබර් මස 01 දිනට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමිව “ ළමා දින ජාතික සතියක් ” අද (25) සිට ලබන 01 දක්වා පැවැත්වේ.

ඒ අනුව ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, පාසල් දරුවන් ප්‍රවාහනය කරන රථ වාහන දීප ව්‍යාප්තව පරීක්ෂා කිරීම හා ස්ටිකර ඇලවීම, පාසල් ළමා ආරක්ෂක කමිටු පිහිටුවීම සහ ප්‍රතිසංවිධානය කිරීම, මත් උවදුරින් දරුවන් වැළැක්වීම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම, ඇතුළු වැඩසටහන් රැසක් මෙම සතියේ මුළුල්ලේ පැවැත්වේ.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් හා පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ.

“ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට ” යන තේමාව යටතේ ඔක්තෝම්බර් 01 දින මෙවර ලෝක ළමා දින ජාතික වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *