ලෝක ආර්ථිකයේ අවිනිශ්චිත බව රන් ගණන් යන්න හේතුවක්

රත්‍රං මිල ශිඝ්‍ර ලෙස ඉහළ යාමට ප්‍රධානතම හේතුව  ලෝක ආර්ථිකයේ පවතින අවිනිශ්චිතතාව බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇතැම් රටවල් සඳහා පැණවීමට නියමිත තීරුබදු, චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇති ආර්ථික ගැටලු වැනි තත්වයන් ඊට හේතු වී තිබේ.

ආනයන අපනයන ක්ෂේත්‍ර තුල ඇති යම් යම් වෙනස්වීම ඇතුළු කරුණු කිහිපයක් ඊට හේතුවී ඇති බව පැවසීය.

රත්තරන් මිල මෙලෙස ඉහළ යාම කෙටිකාලීන තත්වයක් බව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *