ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 49 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 215 ක ඉලක්කය හඹාගිය ඕස්ට්‍රේලියානු පිල 36 වැනි ඕවරයේදී ලකුණු 165 කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සමත් වූහ.
නායක චරිත් අසලංක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 126 කින් හතරේ පහර 14 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 127 ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 46 කදී සියලු දෙනා දැවී 214
(කුසල් මෙන්ඩිස් 19, චරිත් අසලංක 127, දුනිත් වෙල්ලාලගේ 30, ස්පෙන්සර් ජොන්සන් 44/2, ඒරන් හාඩ් 13/2, ෂොන් ඇබට් 61/3, නේතන් එලිස් 23/2)
ඕස්ට්‍රේලියානු පිල ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 165
(මානස් ලබුෂේන් 15, ඇලෙක්ස් කේරි 41, ඒරන් හාඩ් 32, ෂෝන් ඇබට් 20, ඇඩම් සම්පා නොදැවී 20, අසිත ප්‍රනාන්දු 23/2, මහීෂ් තීක්‍ෂණ 40/4, දුනිත් වෙල්ලාලගේ 33/2)