රුසියාව සමඟ ස්ථාවර හා පුරෝකථනය කළ හැකි සම්බන්ධතාවක් අවශ්‍ය බව ඇමරිකා ජනපති පවසයි

රුසියාව හානිකර ක්‍රියාකාරකම්වල යෙදුණහොත් ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබේ.
ඒ, සිය පළමු නිල විදේශීය සංචාරය ආරම්භ කරමින් බ්‍රිතාන්‍යයට පැමිනි අවස්ථාවේදීයි.

කෙසේවෙතත් රුසියාව සමග ගැටුම් ඇති කර ගැනීමට අමෙරිකාවට අවශ්‍යතාවක් නොමැති බවත් දෙපාර්ශවය අතර ස්ථාවර හා පුරෝකථනය කළ හැකි සම්බන්ධතාවක් අවශ්‍ය බවත් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

බ්‍රිතාන්‍යයට පැමිණි අමෙරිකානු ජනාධිපතිවරයා එරට ගුවන් කඳවුරකදී අමෙරිකානු භටයින් පිරිසක් අමතමින් මෙම අදහස් පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරයි. සිය අදහස රුසියානු ජනාධිපති විලැද්මියර් පූටීන් සමග ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී ඔහුට දැනුම් දීමට බලාපොරොත්තු වන බවද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

සිය යුරෝපා සංචාරය ආරම්භ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා බි්‍රතාන්‍යයට පැමිණියේ ජී 07 සමුළුවට සහභාගී වීමටය.

මෙම සංචාරයේදී අමෙරිකනු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ දෙවන එළිසෙබෙත් මහ රැජිණ හමු වීමට නියමිත ඇති අතර ලබන 16වනදා ජිනීවාහීදි රුසියානු ජනාධිපති විලැද්මියර් පූටීන් සමග ද්විපාර්ශිවික සාකච්ඡාවකට එක්වීමටද නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *