රුසියානු හමුදාව සමඟ ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී යුද අභ්‍යාසයකට ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් 75ක්

ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් 75 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් රුසියාවේ ව්ලැඩිවොස්ටොක් නුවරදී රුසියානු සන්නද්ධ හමුදා සමඟ පැවති ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී යුද අභ්‍යාසයකට සාර්ථකව සහභාගී වී තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 55 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම සැප්තැම්බර් 18 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවති “Wolverine Path II – 2026” යුද අභ්‍යාසයට සහභාගී වූ බවයි.

ත්‍රස්ත විරෝධී මෙහෙයුම් කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කරමින් පැවති මෙම අභ්‍යාසය මඟින් ඒකාබද්ධ මෙහෙයුම් පරිසරයක් තුළ ප්‍රායෝගික පුහුණුව ලබාගැනීමට සහභාගී වූ හමුදා සාමාජිකයන්ට අවස්ථාව ලැබී තිබේ.

හෙලිකොප්ටර් මඟින් කඹ ඔස්සේ පහළට බැසීම, සමීප ප්‍රදේශ සටන් මෙහෙයුම්, සැඟවී සිට ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම්, ස්නයිපර් වෙඩි තැබීම්, ඩ්‍රෝන මෙහෙයුම්, බගී රථ පුහුණුව සහ සටන්කාමී වෛද්‍ය සහාය ඇතුළු පුහුණු ක්‍රියාකාරකම් රැසක් ඊට ඇතුළත් වී තිබේ.

යුද හමුදාව සඳහන් කළේ සටන් හැකියාවන්, උපක්‍රමික සම්බන්ධීකරණය සහ මෙහෙයුම් සූදානම ඉහළ නැංවීම මෙන්ම ශ්‍රී ලංකා සහ රුසියානු හමුදා සාමාජිකයන් අතර වෘත්තීය දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙම අභ්‍යාසයේ අරමුණු වූ බවයි.

මෙම වැඩසටහන අතරතුර රුසියානු සන්නද්ධ හමුදා භාවිත කරන විවිධ පුහුණු ක්‍රම, උපක්‍රමික ප්‍රවේශයන් සහ මෙහෙයුම් ක්‍රමවේද පිළිබඳවද ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන්ට අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව ලැබී තිබේ.

මෙම අභ්‍යාසයට සහභාගී වීම තුළින් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වූ බවත්, ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන්ගේ උපක්‍රමික අවබෝධය සහ මෙහෙයුම් සූදානම වැඩිදියුණු කිරීමට එය දායක වූ බවත් යුද හමුදාව පවසයි.

අභ්‍යාසය සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සැප්තැම්බර් 28 වැනිදා යළි දිවයිනට පැමිණ ඇති අතර, ඔවුන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *