ruwan wijewardene

රුවන් මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකියි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.

වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහනාහිමියන් බැහැ දුටු රුවන් විජයවර්ධන මහතා අනතුරුව මල්වතු මහා විහාරයට ගොස් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමියන් බැහැදුටුවේය.

එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ සංගමය නියෝජනය කරමින් සුජිත් අක්කරවත්ත මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *