වතු කම්කරු වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙසට පඩි පාපලක සභාව ගත් තීරණය අත්හිටුවන්නැයි ඉල්ලා වතු හාම්පුතුන්ගේ සංගමය අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබෙන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ ඊයේ (15) කම්කරු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීයි.
රජයට අයත් වතු 22 ක් බදු පදනම යටතේ පෞද්ගලික අංශයට ලබාදී තිබෙන අතර ඉන් වතු දෙකක හාම්පුතුන් වතු කම්කරු වැටුප රුපියල් දහසක් කිරීම සඳහා එකඟවී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.
වතුකම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් දහසක් කරන බවට මෙවර අයවැය යෝජනා මගින් ප්‍රකාශ කළ අතර, ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ලැබී ඇතැයිද ඇමැතිවරයා මෙහිදී පැවැසීය.
වතු හාම්පුතුන් විසින් ගොනු කර ඇති නඩුවට කම්කරු අමාත්‍යාංශය වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීමට එකඟතාව පළ කළ බවයි ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ.