රුපියල් මිලියන 53.2ක් පමණ වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට නීතිවිරෝධීව රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා 33 සහ 35 හැවිරිදි වියේ පසුවන අතර, ඔවුන් කොළඹ දෙමටගොඩ සහ තොටළඟ ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිසිය පවසයි.
ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL-403 දරන ගුවන් යානයෙන් ඊයේ පෙරවරු 10.55ට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
ගුවන් තොටුපොළේදී සිදුකළ පරීක්ෂාවන් අතරතුර ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සැකකාරියන් රැගෙන පැමිණි ගමන් මලු දෙකක් පරීක්ෂා කර ඇත.
එහිදී වාතය ඇතුළු නොවන ආකාරයට සකස් කළ පැකට් පහක සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5.372ක් සොයාගෙන තිබේ.
සැකකාරියන් දෙදෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


