රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේ දී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට උපදෙස් දී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (28) පැවැසීය.
මොරටුව ලී බඩු නිෂ්පාදකයන් පිරිසක් ඉදිරිපත් කළ ගැටලුවකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ දේශීය ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ බවයි. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට ජනාධිපති රාජපක්ෂ මහතා කොළඹ දිස්ත්‍රික්කයේ චාරිකාවක ඊයේ (28) නිරත වෙමින් එසේ කියා සිටියේය. හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ සංවිධානය කළ ජන හමුවට එක් වූ ජනාධිපතිවරයාට ප්‍රදේශයේ ජනතා ගැටලු රැසක් සවිස්තරව යොමු කෙරුණු අතර මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරපුර බේරා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.