රාගම රෝහලේදී එන්නතක් දුන් පසු රෝගියෙක් මරුට

රාගම ශික්ෂණ රෝහලේ දී එන්නතක් ලබාදීමෙන් පසු රෝගියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් මට්ටමෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මක බව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පැවසීය.

කො – ඇමොක්සික්ලේව් නම් එන්නත ලබාදීමෙන් පසු එම රෝගියා මියගොස් තිබේ.

කෙසේවෙතත් එන්නත හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතාවයක් එම මරණයට හේතුවී ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැත.

මියගොස් ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු කන ආශ්‍රිතව හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 22 වනදා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබු බව සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *