පසුගියදා බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාට සාධාරණය ඉෂ්ඨ වනතෙක් තමන් කළු පැහැති සාටකයක් පළඳින බව හරීන් ප්රනාන්දු මහතා පවසයි. ඊයේ 920) පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ බව පැවසීය.
කළු පැහැති සාටකයක් පැළඳගෙන පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ හරීන් ප්රනාන්දු මහතා කියා සිටියේ ‘‘රන්ජන් රාමනායකට සාධාරණය ඉටු වන තෙක් මම අද සිට පාර්ලිමේන්තුවට කළු සාටකයක් පළදිනවා’’ යනුවෙනි.