මේ වනවිට මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ අපේක්ෂාවන් සුණුවිසුණු වී ගිය රටක් බවට මෙරට පත්ව ඇති බව එ.ජා.ප සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියි. ඒ මහතා පෙන්වා දෙන්නේ පවතින තත්වයෙන් රට මුදවාගෙන නැවත රට ගොඩ ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවයි. එමෙන්ම එම අරමුණු ඉටුකර ගැනීමට පක්ෂය හැර ගිය සියලු පාර්ශව සමගින් නව ගමනක් ආරම්භ කරන බවත් ඔහු පවසා සිටියි.
ඊයේ (22) බලපිටිය තරුණ බෞද්ධ සංගම් ශාලාවේ පැවැති මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ 69 වෙනි ගුණසමරු උත්සවය අමතමින් වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.
බලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක අජිත් අසේල මහතා විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවූ පක්ෂයේ පැරණිතම සාමාජිකයන් 69 දෙනෙකුද ඇගයීමට ලක්විය.