රට කඩන යෝජනාවලිය සමග දෙමළ ජාතික සන්ධානය නතර වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.
පසුගිය කාලයේ ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය කොන්දේසි වශයෙන් ඉදිරිපත් කළ යෝජනාවලියට මේ වන විට යළිත් වෙන්දේසි කිරීමට පටන්ගෙන ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.
වීරකුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
‘සම්බන්ධන්ලාගේ බලය බෙදීමේ යෝජනාවලිය ඉදිරියට ඇවිල්ලා. දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දිය යුතුයි. හැබැයි ඒ රට බෙදලා නෙමෙයි. ඒකීය භාවය ආරක්ෂා කරගෙනයි විසඳුම් දිය යුත්තේ. පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි සම්බන්ධන්ලා කොන්දේසි වශයෙන් සකස් කළ යෝජනාවලියම තමයි මේ යළිත් ඉදිරිපත් කරලා තිබෙන්නේ’ යැයිද මන්ත්‍රීවරයා කීවේය.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැලියකගේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාද ප්‍රකාශ කර සිටියේ දෙමළ ජාතික සන්ධානයේ සහාය තම අපේක්ෂකයාට හිමිවනු ඇති බවයි.
පසුගියදා රට බෙදන යෝජනා 13ක් ඉදිරිපත් කරමින් උතුරේ දෙමළ නායකයින් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට ඒවා ඉදිරිපත් කර එකඟතාවය ලැබුණහොත් සහාය දැක්වීමට සූදානම් බව ප්‍රකාශ කර සිටියේය. එසේම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එක්සත් ජාතික පෙරමුණේ සුළු ජාතික දේශපාලන පක්ෂ නායකයන්ට බදාදා(16) දැනුම් දී ඇතැයි ජාතික පුවත්පත් වාර්තා කර තිබිණි.