LK reports news sinhala

සජිත් තවමත් පසුපසින් – ඉන්දීය වාර්තා පෙන්වා රනිල් කියයි

විදේශීය මත විමසුම්වල කුමක් සඳහන් වුවද දේශීයව කළ මත විමසුම් අනුව ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට තවමත් හිමිව ඇත්තේ 40%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර පසුගිය 16 වැනිදා පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවට ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ද එක්ව සිට ඇති අතර එහිදී අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය සිදුකළ මත විමසුමකින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් සිටින බවයි. එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ සියයට 40කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් අමාත්‍ය සජිත් ප්‍රේමදාසට හිමි වන බවයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී තිබූ ප්‍රතිශතය අවම වී ඇති බවද ඔහු පෙන්වා දී ඇත. එක්සත් ජාතික පක්ෂය මුස්ලිම් දේශපාලන පක්ෂවල අවශ්‍යතා මත කටයුතු කරන බවට මත විමසුමේදී හෙළි වී තිබීම, ප්‍රතිශතය අඩුවීමට හේතුව බව අනාවරණය වී තිබේ. එම නිසා සිංහල ජාතිකයන්ගේ විරෝධයක් මතුව ඇති බව මත විමසුමෙන් අනාවරණය වී තිබේ. ඉන්දියාව සිදුකළ මත විමසුමකදීද අමාත්‍ය සජිත් ප්‍රේමදාසට වඩා ගෝඨාභය රාජපක්ෂ ඉදිරියෙන් සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී පෙන්වා දී ඇත.

මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට යාමේදී පවතින අඩුපාඩු සකස් කර ගැනීමේ ක්‍රමවේද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

(උපුටා ගැනීම – අරුණ පුවත්පත)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *