රජයේ ආයතන සතු වාහන සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය සඳහා යොමුකර තිබේ.
එම වාර්තාවට අනුව රජයේ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන, රාජ්‍ය ව්‍යාපාර, පළාත් සභා, සහ පළාත් පාලන ආයතන සතුව ඇති වාහන සංඛ්‍යාව 82,194ක්.
ඒ අතුරෙන් වාහන 76,661 ධාවන තත්ත්වයේ පවතින අතර වාහන 5,533ක් ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතී.
රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් 8,500 කට පමණ මාසික දීමනාවක් ලබාදී ඔවුන්ගේ පෞද්ගලික මෝටර් රථ නිල ප්‍රවාහන පහසුකම් සඳහා යොදා ගැනීමටත් රජයේ අනුමැතියය ලබාදී ඇති බව මෙම වාර්තාවේ සඳහන්ය.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු සැලකිල්ලට ගෙන දැනට ධාවන තත්ත්වයේ නොමැති වාහන අතුරින් අලුත්වැඩියා කළ හැකි වාහන වහාම අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමටත් එලෙස අලුත්වැඩියා කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් නොපමාව අපහරණය කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.