LK reports news sinhala

රජය තුනෙන් දෙකක බලයක් ඉල්ලන අරමුණ රටට හිතකර නෑ – අනුර

තුනෙන් දෙකක බලයක් සහිත රජයක් බිහි වූ සෑම අවස්ථාවකම රටට අයහපතක් සිදුව ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වර්තමාන රජයට අරමුණු කිහිපයක් මත පදනම්ව තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටින බවත්, එම අරමුණු කිසිසේත්ම රටට හිතකර නොවන බවද ඔහු අවධාරණය කළා.

ජාතික ජන බලවේගයේ නායකයින් ඊයේ (31) මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් මුණගැසී තම පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවද දැනුවත් කළ අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ රටට යහපතක් සිදුකිරීමට තුනෙන් දෙකක බලයක් අනවශ්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *