සමගි

ප්‍රායෝ­ගික බෞද්ධයෙක් හැටි­යට රටේ පන්සල් පද්ධ­ති­යට ඉහ­ළ වැඩ කොටසක් මම කළා – සජිත්

ශාසනයේ හා සංස්කෘතික දියුණුව වෙනුවෙන් තමා ඇමැතිවරයකු වශයෙන් සිටියදී සිදු කළ දේ වරදක් නම් ඒ වෙනුවෙන් සිරගත වීමට වුවද සූදානම් බව සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. ඒ මහතා මේ බව පවසා සිටියේ වත්තල ප්‍රදේශයේ පැවති ප්‍රධාන රැලියකට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පවසා සිටියා.

“දැන් අපි­ටත් චෝදනා කර­නවා අපේ කාල­ව­ක­වා­නුව තුළ මුදල් අව­භා­විත කළැයි කියලා. අපි කරපු කියපු හැම දෙයක්ම කරලා තියෙන්නේ සම්බුද්ධ ශාස­නයේ උන්න­තිය තකා. මෑත ඉති­හා­සයේ අට­ම­ස්ථා­න­යට, සොළො­ස්ම­ස්ථා­න­යට, දීඝවාපියට, පන්සල් පද්ධ­ති­යට මේ තරම් විශාල මුදල් මෑත කාලයේ කිසිම දව­සක වෙන් කළේ නැහැ. ඉතා­මත් ශ්‍රද්ධා­වෙන් ආග­මට භක්තිය තියෙන ලැදි­යාව මත අපි ඒ වැඩ­ක­ට­යුතු සිය­ල්ලක්ම ක්‍රියා­ත්මක කළා. ජය ශ්‍රී මහා බෝධීන් ආරක්ෂා කරන්න නායක ස්වාමීන් වහන්සේ ලක්ෂ 420ක උප­ක­රණ කට්ටල ඉල්ලුවා. එක පෑන් පහරින් අනු­මත කළා. ඒවා දැන් වැරදි වැඩ විදි­යට හඳු­න්ව­නවා. ප්‍රායෝ­ගික බෞද්ධයෙක් හැටි­යට මේ රටේ පන්සල් පද්ධ­ති­යට ඉහ­ළම වැඩ කොටස මම කරලා තියෙ­නවා. මේ වගේ දැවැන්ත සේවා­වක් කරලා සජිත් ප්‍රේම­දාස ඕන වෙලේක හිරේ යන්න වුණත් ලෑස්තියි.” යැයි ඒ මහතා පැව­සීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *