යාපනයේ වෙරළකින් මත්ද්‍රව්‍ය කිලෝ 80කට වැඩි ප්‍රමාණයක් නාවික හමුදාව අත්අඩංගුවට ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය, මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ තීරයේදී ඊයේ (27) අලුයම සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 80කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයට අයිස් කිලෝග්‍රෑම් 45.5ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 35.7ක් ඇතුළත් බවයි.

මෙහෙයුමේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන බෝට්ටුවක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

උතුරු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ නෞකා කඳවුරේ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම සිදු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව නාවික හමුදාව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *