මෝටර් රථ සහ ත්‍රිරෝද රථ ටයර් ආනයනයට 2027 ජනවාරි 1දා සිට නව ප්‍රමිතීන්

ආනයනය කරන මගී මෝටර් රථ ටයර් සහ ත්‍රිරෝද රථ සඳහා භාවිත කරන වායු පිරවූ ටයර් සම්බන්ධයෙන් නව ප්‍රමිතිකරණ සහ තත්ත්ව පාලන අවශ්‍යතා රජය හඳුන්වා දී තිබේ.

මෙම නව රෙගුලාසි 2027 ජනවාරි 1දා සිට ක්‍රියාත්මක වන අතර, ආනයන හා අපනයන (පාලන) පනත අංක 1 දරන 1969 යටතේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර ඇත.

2026 ඔක්තෝබර් 1දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2508/27 මගින් 2024 මැයි මාසයේදී ප්‍රකාශයට පත් කළ දැනට පවතින ප්‍රමිතිකරණ සහ තත්ත්ව පාලන රෙගුලාසි සංශෝධනය කර තිබේ.

එම සංශෝධන යටතේ ආනයනය කරන වාහන ටයර් වර්ග දෙකක් අතිරේකව රෙගුලාසිවල B උපලේඛනයට ඇතුළත් කර ඇති අතර, ඒවා පහත සඳහන් ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) සමඟ අනුකූල විය යුතුය.

  • මගී මෝටර් රථ ටයර් (HS කේතය 4011.10.90): SLS 1212, මගී මෝටර් රථ ටයර් සඳහා පිරිවිතර.
  • ත්‍රිරෝද රථ සඳහා වායු පිරවූ ටයර් (HS කේතය 4011.90.10): SLS 1347, ත්‍රිරෝද රථ සඳහා වායු පිරවූ ටයර් සඳහා පිරිවිතර.

නව රෙගුලාසි 2027 ජනවාරි 1දා හෝ ඉන් පසුව ශ්‍රී ලංකාවේ ඕනෑම වරායකට හෝ ගුවන්තොටුපළකට ළඟා වන අදාළ භාණ්ඩ සඳහා බලපැවැත්වෙන බවද ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *