මේ වසරේ වාහන ගේන්නේ මෙහෙමයි

වාහන ආනයනය සඳහා ඩොලර් කෝටි 157ක් වටිනා ණයවර ලිපි (සැප්තැම්බර්16වන විට)  විවෘත කර ඇතැයි   වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ශානි අබේරත්න මහත්මිය රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී පැවසුවාය.

වාහන ආනයනයෙන් මේ වසරට රුපියල් කෝටි 460,00ක් අපේක්ෂා කළ නමුත් එය කෝටි 70,000ක් දක්වා වැඩිවන තත්වයක් පෙනෙන්නට ඇති බවත් මෙපමණ වාහන ප්‍රමාණයක් පැමිණේවි යැයි  බලාපොරොත්තු නොවූ බවත්  අබේරත්න  මහත්මිය කීවාය.

එසේම මෙම වසරේ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඇමරිකානු ඩොලර් කෝටි 350ක් පමණ වනු ඇතැයිද  මෙහිදී අනාවරණය කෙරිණ.

මේ වසරේදී සංචාරකයන්  ලක්ෂ විසි හතරත් 25ක් අතර සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි. එහි අපේක්ෂිත ආදායම් ඉලක්කය ඇමෙරිකානු ඩොලර්  කෝටි 350කි.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (24) රැස්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *