හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කොවිඩ් ආසාධිත පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමගම මෙරට කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව 195 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම පුද්ගලයා පෙරේදා (28) මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ සංකූල වූ වගුගඩු ආසාදනයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියි.