මෙරටට එන සංචාරකයින්ට පනවා ඇති නිරෝධායන රෙගුලාසි ලිහිල් කෙරේ

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට පනවා ඇති ඇතැම් දැඩි රෙගුලාසි කිහිපයක් ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා පවසයි. ඒ මහතා පවසා සිටින්නේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ ලබා ගනිමින් රෙගුලාසි ලිහිල් කිරීමට හැකි බවට හඳුනාගෙන ඇති බවයි. සංචාරක නියමු ව්‍යාපෘතියේදී හඳුනාගත් ඇතැම් ගැටළුවලට විසඳුම් ලබා ගෙන ඇති බවද ලේකම්වරයා සඳහන් කලා.

එමෙන්ම සංචාරකයින් රැදී සිටින හෝටල්වල සේවකයින් නිරෝධායනය විය යුතු කාල සීමාව සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇති බව ඒ මහතා පවසයි. එබැවින් කිසියම් හෝටලයක රැදී සිටින සංචාරකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති නම් එම සංචාරකයින් හෝටලයෙන් පිටව ගොස් තවත් දින 14ක් හෝටල් සේවකයින් එම හෝටලයේම නිරෝධායනය විය යුතු බවට ඇති රෙගුලාසි ලිහිල් කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බව ඔහු කියා සිටියා.

තවද මෙරටට පැමිණෙන සංචාරකයින් ඔවුන් සමග පැමිණෙන කුඩා දරුවන්ට PCR පරීක්ෂණ සිදුනොකරන ලෙසටත් ඉල්ලා ඇති බවත්, තමන්ව PCR පරීක්ෂණ සඳහා ලක්වන බැවින් එහිදී තම දරුවන්ව පරික්ෂා කිරීම අවශ්‍ය නොවන ලෙසටත් පවසා ඇති බවයි. එම ඉල්ලීමට අනුව වයස අවුරුදු 12 ට අඩු දරුවන්ගේ PCR පරීක්ෂණ සිදු නොකිරීමට තීරණය කළ බවයි අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කර සිටින්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *