මූල්‍ය අර්බුදය උග්‍රවෙයි – ජගත් සංවිධාන මූලස්ථානයත් වසයි

මූල්‍ය අර්බුදයක් හේතුවෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය සති අන්තයේදි වසා දැමිමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව නැවත දැනුම් දෙනතුරු සති අන්ත සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලදි සිය මූලස්ථානය වසා තැබෙන බව ට්විටර් පණිවිඩයක් මගින් එක්සත් ජාතින්ගේ සංවිධානය පවසා ඇත.

මතුව ඇති මූල්‍ය අර්බුදයක් හේතුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය මෙලෙස සිය මවු ශාඛාව වසා දමන බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර ඔබේ රට නියමිත වාර්ෂික දායකත්වය ලබා දි ඇත්දැයි එක්සත් ජාතින්ගේ සංවිධානය සිය සාමාජික රටවලින් විමසා ඇති බවද විදෙස් මාධ්‍යන්හි සඳහන් වේ.

එක්සත් ජාතින්ගේ සංවිධානය සාමාජික රටවල් 193 කින් සමන්විත වන අතර ඉන් රටවල් 131 ක් පමණක් සිය වාර්ෂික සාමාජික මුදල නිසි පරිදි පියවා ඇතැයි වාර්තා වේ. මුල්‍ය දායකත්වය නොගෙවු රටවල් අතරට කැනඩාව, සිංගප්පූරුව, ෆින්ලන්තය, නවසිලන්තය සහ නෝර්වේ වැනි ආර්ථිකමය දියුණු රටවල් ද වේ. එක්සත් ජාතින්ගේ සංවිධානය මෙලෙස දරුණු මුල්‍ය අර්බදයකට ලක්ව සිටින්නේ දශකයක පමණ කාලයක සිටයි. ඒ හමුවේ එම සංවිධානයේ මෙහෙයුම් කටයුතු මෙන්ම සේවක වැටුප් ගෙවිම්ද අර්බුදකාරිත්වයකට ලක්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *