ඉකුත් 28 හා 29 දෙදින තුළ මෙරටට පැමිණි යුක්රේන සංචාරකයින් කණ්ඩායමෙන් පිරිසක් ඊයේ (02) යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වී තිබේ. එම සංචාරයට යුක්රේන ජාතිකයින් 102ක් සහ ළමුන් 11 දෙනෙකු එක්ව ඇති අතර කිසිවෙකු මුඛ ආවරණ පැළඳ නොසිට තිබේ.
එම සිදුවීම නිසා ඔවුන් සමග සංචාරයේ යෙදුණු සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු ඊයේ රාත්‍රියේ දින 14ක නිරෝධායනය සඳහා රැගෙන ගොස් තිබේ.
සෆාරි ජීප් රථ රියදුරන් පවසන්නේ සෆාරි ගොස් පැමිණි පසු යුද හමුදාවෙන් පැමිණි තමන්ව නිරෝධායනයට රැගෙන ගිය බවයි. මෙවැනි වාතාරවරණයක් ඇති වෙන බව පෙර දැන සිටියානම් ඔවුන් සමග සෆාරි නොයන බවත්, සංචාරකයන් රට පුරා ඇවිදිද්දී තමන්ව පමණක් කොටු කරන බවත් එම රියදුරන් පවසා සිටියි.