මීළඟ ජනපති අපේක්ෂකයා සජිත්

ඉදිරියේදී පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණයට සමඟි ජන බලවේගයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා වන්නේ එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බව පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා පවසා සිටින්නේ 2021 අවුරුද්ද සමඟි ජන බලවේගයෙන් ඕනෑම මැතිවරණයකට මුහුණ දී ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරගෙන යන බවත්ය. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සිටියදී වෙනත් පක්ෂවල නායකයන් ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීම නිසා පාක්ෂිකයන් මහත් පීඩාවට පත් වූ බවත්, නැවතත් එම වරද නැවතත් කිරීමට තමන් සූදානම් නොමැති බවත් ඒ මහතා පැවසීය. රටේ විශ්වාසය දිනාගත් අත්දැකීම් ඇති පළපුරුදු නායකයෙක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා දැනටමත් ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටින බවත්, එබැවින් සමඟි ජන බලවේගයේ නායකයා අනාගතයේ අපි පිහිටුවනු ලබන සන්ධානයේත් නායකයා වන බව තමා විශ්වාස කරන බවත් ඒ මහතා කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *