මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවූ මත් කුඩු ජාවාරමක තොරතුරු හෙළිවේ

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලැබු මත් කුඩු හා මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලබන හෙරොයින් හා ගංජා ජාවාරමක් පිළිඹදව ලැබුණු තොරතුරක් මත විමර්ශන සිදු කිරීමේදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සැරයන්වරයෙකු ඊයේ (20) සවස සීදුව, ධීවර තොටුපළ මාර්ගයේ දී කේරළ ගංජා ග්‍රෑම් 400ක් හා හෙරොයින් ග්‍රෑම් 100ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව අදාළ සැරයන් වරයාගෙන් ලද තොරතුරු මත විමර්ශන සිදු කිරීමේදි මීගමුව බන්ධනාගාරයේ සිට මෙම ජාවාරම මෙහෙයවන රැඳවියෙකුගේ බිරිඳ හා සහෝදරයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝ දෙකකට වැඩි ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.

මෙම පිරිස් නිරන්තරයෙන් ජංගම දුරකථනයෙන් ඉහත සඳහන් කළ සැකකරු හා ඔහුගේ බිරිඳට ඇමතුම් ගන්නා බවත් ඔහුගේ උපදෙස් මත මෙම පුද්ගලයින් විසින් මත්ද්‍රව්‍ය විවිධ පුද්ගලයින් වෙත රැගෙන ගොස් භාර දෙන බවටත් අනාවරණය වී තිබේ. අනතුරුව එම මුදල් ජාවාරම්කරුගේ බිරිඳගේ ගිණුමකට බැර කරන බවත් වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *