බිත්තර

මාස එකහමාරක් යන තුරු බිත්තර මිල පහළ නොබසී

රටේ පැවැති ඇඳිරිනීති තත්ත්වය හමුවේත් ආනයන සීමා හේතුවෙනුත් කුකුළු කෑම හිඟයත් කුකුළු කෑම මිල ඉහළ යාමත් යන කරුණු හේතුවෙන් බිත්තර නිෂ්පාදනය සියයට පණහකින් අඩු වී ඇති තත්වය මත, ඉදිරි මාස 1 1/2ක පමණ කාලයක් යනතෙක් බිත්තර මිල පහළ නොබසින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනය කරන්නන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.

සතුන්ට අවශ්‍ය ප්‍රෝටීන් ආහාර හිඟය හේතුවෙන් බිත්තර නිෂ්පාදනය ශීඝ්‍ර ලෙස පහළ බැස තිබෙන බවත්, ගෙවුණු කාලයේ සතුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා පමණක් සුළු ප්‍රෝටීන ප්‍රමාණයක් ලබාදීම නිසාත් බිත්තර නිෂ්පාදනය අඩු වී ඇති බව ඒ මහතා පවසයි. තවද බඩඉරිඟු කිලෝග්‍රෑමයක මිල රුපියල් 25කින් ඉහළ යෑම නිසා බිත්තරයක් නිෂ්පාදනය කිරීමට සඳහා රුපියල් 14.70 ක මිලක් වැය වන බවත්, පසුබැසීමට ලක් වූ බිත්තර නිෂ්පාදනය වැඩි වීමට තවත් මාස එකහමාරක් පමණ කාලයක් ගත විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *