රට තුළ මේ වන විට සහල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බැවැන්, සහල් මිල පාලනය කිරීම සඳහා සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික දිනය ඊයේ (15) දිනයට යෙදී තිබීම නිමිත්තෙන් නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමිනි.
අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ ඊට අදාළ කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා තමන් ඉදිරිපත් වන බවත් කොවිඩ් නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට සාධාරණ මිලට සහල් සැපයීමට මෙම පියවර ගන්නා බවත්ය.