ලබන මැයි මාසය වන විට අනිවාර්යෙන්ම මෙරට සෑම පුද්ගලයෙකුටම කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත් ලබාදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පෙරවරුවේ නාරාහේන්පිට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
ඒ මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ මෙරට සියළුම පුරවැසියන්ට ලබා දීම සඳහා අවශ්‍ය කරන එන්නත්වලින් මිලියන 18ක් මේ වන විටත් ඇණවුම් කර තිබෙන බවයි.