මැයි වන විට මෙරට සෑම පුරවැසියෙකුටම කොවිඩ් එන්නත

ලබන මැයි මාසය වන විට අනිවාර්යෙන්ම මෙරට සෑම පුද්ගලයෙකුටම කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත් ලබාදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පෙරවරුවේ නාරාහේන්පිට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

ඒ මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ මෙරට සියළුම පුරවැසියන්ට ලබා දීම සඳහා අවශ්‍ය කරන එන්නත්වලින් මිලියන 18ක් මේ වන විටත් ඇණවුම් කර තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *