මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි දින දෙක තුළදී

ඉදිරි දින දෙක තුළදී මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම සිදු කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඇය මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මාධ්‍ය ප්‍රධානීන් අතර පැවැත්වෙන සාකච්ඡාවට එක්වෙමින්.

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකර ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද ප්‍රකාශ ඉකුත් දින කිහිපයේදී වරින් වර ප්‍රකාශ කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *