මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සමග බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සමීප සබඳතා පවත්වා ඇති බවත්, එම ත‍්‍රස්ත කි‍්‍රයා සඳහා ආධාර අනුබල දී ඇති බවට මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
සැකකාර අසාද් සාලි මහතා මේ වන විට රැඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන අතර ඔහු ශී‍්‍ර ලංකා ජනරජයේ ස්වාධිපත්‍යට හානිවන අන්දමින් මුස්ලිම් අන්තවාදීන්ට ආධාර අනුබල දීම සිදුකර ඇති බවට කරුණු අනාවරණයවී ඇති බව විමර්ශන වාර්තා මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙන්වාදී තිබේ. එමෙන්ම අදාළ සැකකරු මාවනැල්ල බුදුපිළිම කඩා දැමීමේ සිද්ධියේ සැකකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී විමර්ශන නිලධාරීන්ට යම් බලපෑමක් සිදුකර ඇති ආකාරයක් පෙනී යන බවත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් ද නිකුත් කළ අවසන් වාර්තාවේද සඳහන් කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය වාර්තාව මගින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.